රිෂාඩ් නිදහස් කරන්නැයි පුත්තලමේ උද්ඝෝෂණයක්

රිෂාඩ් නිදහස් කරන්නැයි පුත්තලමේ උද්ඝෝෂණයක්

අත්අඩංගුවට ගෙන සිටින, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වහා නිදහස් කරන ලෙස බල කරමින්, පුත්තලම, කොළඹ මුහුදු තීරයේදී උද්ඝෝෂණයක් අද (02) පැවැත්විණ.

''රිෂාඩ් නිදහස් කරනු, අපේ නායක රිෂාඩ් ට සාධාරණය ඉටු කරන්න, රාජපක්ෂලාට සහය නොදක්වන්නෝ අපරාධකරුවන්ද?, සුළු ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරකිනු, අපේ නායකයා නිදහස් කරන්න" ආදී ලෙස සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය පැවැත්විණ. අයුක්ති සහගත ආකාරයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස උද්ඝෝෂකයෝ ආණ්ඩුවට බල කළහ.

මෙහිදී අදහස් දැක්වූ කල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අෂික් කියා සිටියේ ''මහ රාත්‍රියේ නිවසට ගොස් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සදාචාරාත්මක නොවන බවයි. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිපළයක් ලෙස බවත්'' ඔහු කියා සිටී.

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති මුජාහිර් සඳහන් කළේ ''පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දක්වා සිදු කර ඇති සියලු විමර්ශනවලදී රිෂාඩ් බදියුදීන්  නිර්දෝශී පුද්ගලයෙක් බවට අනාවරණය වී තිබියදී යළි අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම තුළ කිසියම් අදෘශ්‍යමාන දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට සැකයක් මතුවන බවයි."

මෙම උද්ඝෝෂණය සඳහා මන්නාරම, පුත්තලම ප්‍රදේශවල මහජන නියෝජිතයන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් කොරෝනා සෞඛ්‍ය මාර්ගෝප දේශ අනුව මුව ආවරණ පැළඳ සහභාගී වී සිටින ආකාරය දක්නට ලැබින. උද්ඝෝෂණය සඳහා කාන්තාවන් විශාල පිරිසක් සහභාගී වූහ.

risa p

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න