ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ආවේ නෑ කියා වරාය නගර විවාදය කල්දමයි !

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ආවේ නෑ කියා වරාය නගර විවාදය කල්දමයි !

වරාය නගර පණත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදය කල් දැමීමට ආණ්ඩුවට සිදුව ඇත.ඒ අදාළ කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකළ පෙත්සම් විභාගයේ තීන්දුව අද (04) ලැබී නැති බව කතානායක දැනුම්දීමත් සමඟය.

මීට පෙර පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව දැඩි ස්ථාවරයක සිට පවසා ඇත්තේ අදාළ තීන්දුව අද (04) කතානායක පාර්ලිමේන්තුවට දන්වන බවත් හෙට (05) එක් දිනක විවාදයක් හරහා පණත් කෙටුම්පත ජන්ද විමසීමට ලක්කරන බවය.

එහිදී පාර්ලිමේතුවේ ආණ්ඩුවට විරුද්ධ පක්ෂ මෙතරම් සංකීර්ණ සහ තීරණාත්මක පණත් කෙටුම්පතක් සම්බන්ධව විවාද කිරීමට එක් දිනයක් කොහෙත්ම ප්‍රමාණවත් නොවන බව දැඩිව පෙන්වාදී ඇතත් ආණ්ඩුව ඊට එකඟ නොවූ බව විපක්ෂයේ පක්ෂ පවසයි.

වාර්තා වන ආකාරයට ආණ්ඩුව මේ දින කිහිපයක විවාදය ප්‍රතික්ෂේප කර ඇත්තේ කොරෝනා වසංගතය  ගැන පවසමිනි.

කෙසේ නමුත් මේ වන විට තීන්දුව වී ඇත්තේ  ලබන 18, 19, 20, 21 යන දිනවල විවාදය පැවැත්වීමටය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න