කරාපිටියේ කොරෝනා බෙහෙත ප්‍රෝඩාවක් - IDH ප්‍රධානියා

කරාපිටියේ කොරෝනා බෙහෙත ප්‍රෝඩාවක් - IDH ප්‍රධානියා

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු වන සම්පත් ගුණවර්ධන විසින් හඳුන්වා දී ඇතැයි කියන කොරෝනා වෛරසය සදහා වන කරල සම්බන්ධයෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම  අදහස් පළ කරයි.

ඔහු  සඳහන් කරන්නේ අදාළ වෛද්‍යවරයා විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම බොරුවක් බවයි.

කොරෝනා වෛරසයට එරෙහිව ඖෂධ සොයා ගැනීම මේ වන විට මෙරට ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන්න බව පෙනෙන බවත් ඇතැම් මාධ්‍ය පවා ඒවාට සහාය දක්වමින් සිටීම කනගාටුදායක බවත් ඔහු පැවසීය.

ඖෂධයක් සොයා ගත්තේ නම් එය තහවුරු කරන ක්‍රමයක් පවතින බවද පැවසූ ඔහු ආයුර්වේදය සමඟ එන ඖෂධ වෙනම පවතින නමුත් දැන් සිදුවන්නේ ව්‍යාපාරයක් බව ද ඔහු පෙන්වාදෙයි.

කරාපිටියේ වෛද්‍යවරයා සොයා ගත් බව කියන ඖෂධයේ සත්‍යයක් නොමැති නිසා මුදල් නාස්ති කර නොගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න