නිවසින් එළියට යාම හැඳුනුම්පතේ අන්තිම අංකයට අනූව !

නිවසින් එළියට යාම හැඳුනුම්පතේ අන්තිම අංකයට අනූව !

අත්‍යාවශය නොවන කටයුතු සඳහා නිවසින් බැහැරට යාමේදී ජාතික හැඳුනුම්පත් අංකයට රියදුරු බලපත් අංකයට හා විදේශ ගමන් බලපත් අංශයට අනුව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  ඉල්ලා සිටියි.

එහිදී ඔත්තේ දිනයන්හි අත්‍යාවශ්‍ය නොවන රාජකාරී සඳහා අවස්ථාව ඇත්තේ 1,3,5,7,9 යන අංක ජාතික හැඳුන්ම්පතේ රියදුරු බලපත්‍රයේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ අවසන් අංක ලෙස සඳහන් අයට පමණක් වන අතර 0,2,4,6,8 අංක හිමි අයට ඉරට්ටේ දිනවලදී බැහැරට යාමට හැකියාව ඇත. මෙය මැයි 31 වන දින දක්වා ක්‍රියාත්මකයි. 

නමුත් හෙට (13) රාත්‍රී 11 සිට එළැඹෙන සඳුදා (17) අලුයම 4 වන තුරු දිවයින පුරා සංචරණ සීමා පැනවෙන අතර  අදාළ දින කිහිපයෙහි හැදුනුම්පත් ක්‍රමය හෝ අත්‍යවශ්‍ය සේවා හැර කිසිදු ක්‍රමයකින් සංචරණය සඳහා අවසර හිමිවන්නේ නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න