Language Switcher

V2025

නීතිය හා සාමය අහිමිවීම : සරත් ෆොන්සේකා පිළිකුළෙන් හෙළාදකියි

දුෂිත කල්ලියක් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිය හා සාමය අමාත්‍යාංශය රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයාට ලබාදුන් ආකාරය තමන් පිළිකුලෙන් යුතුව හෙළාදකින බව අමාත්‍ය සරත් ෆොන්සේකා සඳහන් කරයි.

අද (08) කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර "නීතිය හා සාමය අමාත්‍යංශය 'එන්න කියා භාරදෙන අවස්ථාව' වන තුරු රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා ඒ ගැන කිසිවක් නොදැන සිටි බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

ශ්‍රීලනිප දුමින්දත් : සන්ධාන අමරවීරත් SF ට සුභ පතලා

ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රීලනිප මෙන්ම එජාප මන්ත්‍රීවරුන්ද සරත් ෆොන්සේකා අමාත්‍යවරයා වෙත නීතිය හා සාමය විෂය ලබාදීම ගැන විරුද්ධවූ බව මාධ්‍යවේදීන් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ගේ අවධානයට යොමුකර සිටියේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එජාපයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු තමන්ට එම අමාත්‍යධුරය ලබාදීම සම්බන්ධව විරෝධයක් නොදැක්වූ බවය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනා අදාළ විෂය තමන් වෙත ලැබීම නිවේදනය වූ අවස්ථාවේ සුභ පැතූ බවද අමාත්‍යවරයා පැවසීය.

තවද තමන්ට මෙම අමාත්‍යධුරය හිමිවුවහොත් එතැන් සිට නීතිය නිසිලෙස ක්‍රියාත්මකවීම සිදුවන බව දැනගත් රාජපක්ෂවාදීන් ඊට එරෙහිවූ බවත් දුෂිත කල්ලියේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් තමන්ට මෙම අමාත්‍යධුරය අහිමි කරවූ බවද සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පැවසීය.

එසේම අදාළ අමාත්‍යංශය තමන් යටතේ තිබුණානම් මහනුවර ඇතිවූ ආකාරයේ සිදුවීම් සිදුනොවන බවත් තමන්ට සාමය ස්ථාපිත කර පලපුරුද්ධක් ඇති බැවින් ඉතා පහසුවෙන් සිදුවීම සමතයකට පත්කරන්නට තිබු බාද අමාත්‍යවරයා එහිදී පැවසීය.

ජනාධිපතිගේ තීරණයක්

මේ අතර එජාප ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ නීතිය හා සාමය අමාත්‍යංශය රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා වෙත ලබාදීම සඳහා තීන්දු කර සිටියේ ජනාධිපතිවරයා බවය.

එසේම අදාළ අමාත්‍යධුරය අග්‍රාමාත්‍යවරයා දැරීම ප්‍රයෝගික නොවීමත්, එජාපය යෝජනා කළ සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට එම විෂය පැවරීම සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශවය එකඟනොවූ බැවින් රන්ජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා වෙත එම විෂය ලබාදීම සඳහා එකඟවූ බවය.