කොළඹ වරාය ආසන්නයේ නවතා තිබියදී ගිනිගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු රසායනික සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හේතුවෙන් බස්නාහිර සහ වයඹ පළාත්වලට අයත් මුහුදු තීරයේ කිලෝමීටර 10 ක් පමණ දැඩි පරිසර හානියකට ලක්ව ඇතැයි සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති නීතිඥා දර්ශනී ලහඳපුර පැවසයි.
දික්ඕවිට සිට කොච්චිකඩේ දක්වා මුහුදු තීරයට මෙහිදී දැඩි හානියක් සිදුව ඇති බවත් එම හානිය පිළිබඳව වාර්තාවක් මේ වන විටත් සකස් කර ඇති බවත් දර්ශනී ලහඳපුර සදහන් කරයි.=
ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය හරහා ත්‍රිවිධ හමුදාව යොදාගෙන එම මුහුදු තීරණයෙන් අපද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත්කිරීමට නියමිත බවත් හැකි පමණ වෙරළ තීරය යථා තත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය පැවසුවාය.
ස්ලාස්ටික් නිෂ්පාදනය සඳහා ගන්නා ‘පබළු’ වැනි අමුද්‍රව්‍යයක් මෙම වෙරළ තීරයේ විසිරී තිබෙන බවත් ඇතැම් විට එම ද්‍රව්‍ය වැලිත් සමඟම ඉවත්කිරීමට සිදුවිය හැකි බවත් සභාපතිනිය පැවසීය.
තවද, එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වනු ඇතැයි අපේක්ෂා කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පැවසුවේ, නෞකාවේ ගින්න තවදුරටත් පැතිරීම හමුවේ එවැනි අනතුරක් සිදුවීමේ වැඩි අවදානමක් පවතින බවය.

