මොරටුවේ නගරාධිපති යළිත් තුණ්ඩු බෙදලා !

මොරටුවේ නගරාධිපති යළිත් තුණ්ඩු බෙදලා !

කොවිඩ් – 19 වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා එන්නත ලබාදීමට මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අද (27) පෙරවරුවේද තමන්ගේ නම සහ අංකයක් සහිත තුණ්ඩුවක් බෙදා දී තිබේ.

ඊයේ (26) දින ප්‍රචාරක රථ යොදා ගනිමින් ප්‍රචාරය කර ඇත්තේ එන්නත් 600ක් පමණක් ලැබී ඇති බැවින් මෝල්පෙ කොට්ටාසයේ ජනතාවට ඊට අදාල අංක ලබා ගැනීමට පැමිණෙන ලෙසය.

ඒ අනුව ජනතාව එම අංක ලබා ගැනීමට අද අළුයම සිට එක්රැස්වී ඇත.

එසේ එක්රැස්වී සිටිදී නගරාධිපතිවරයාගේ අංකද ලබාදෙන අතරතුර මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යායේ ප්‍රචාරක රථ මගින් ජනතාවට දැනුම්දී ඇත්තේ සියලුම ජනතාවට අදාළ එන්නත ප්‍රමාණවත් තරම් ඇති බවත් සියලුම දෙනාට එන්නත ලබා දෙන බවත්ය.

ඒ අනුව කලබලකාරී තත්වයක් ඇති නොකර දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් කටයුතු කරන ලෙසය.කෙසේ වෙතත්, මෙම එන්නත උපයෝගීකරගනිමින් නගරාධිපතිවරයා ඉතාමත් නිර්ලජ්ජිත ලෙස සිදුකරගෙන යන දේශපාලන ප්‍රචාරය වාසි ලබා ගැනීමට තුණ්ඩු ලබාදීමේ කටයුතු නිසා එන්නත් කරන කටයුතු සිදුකරන ස්ථානයේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් හටගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Lanka truth

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න