විදේශිකයන්ට තාවකාලිකව පනවා තිබූ සංචාරක තහනම ජුනි 01 වැනිදා සිට ඉවත් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත.
ඒ අනුව සියලුම සංචාරකයන් දින 14ක නිරෝධායන කාලසීමාවට යටත්ව ලංකාවට පැමිණිය හැකි බව එම අධිකාරිය සදහන් කරයි.
එසේම පැමිණෙන ගුවන් යානයක උපරිම සංචාරකයන් ප්‍රමාණය 75ක් විය යුතු බවද අධිකාරිය සදහන් කරයි.
මීට අමතරව ශ්‍රී ලාංකිකයන්ට සහ ද්විත්ව පුරවැසියන්ට පූර්ව අනුමැතියකින් තොරව ලංකාවට පැමිණිය හැකි බවද එම නිවේදනයේ සඳහන් අතර ඒ අනූව විදෙස් ගතව සිටින බැසිල් රාජපක්ෂ ට වුවත් ඕනෑම මොහොතක පැමිණීමට හැකියාව හිමිවෙයි.
එමෙන්ම අභ්‍යන්තර සංචරණ සීමා පැනවීම ජුනි 07 දක්වා දීර්ඝ කිරීමට තීන්දුවක් ගැනීමට ආණ්ඩුව සූදානම් බව ආණ්ඩු හිතවාදි වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.

