කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේදී X-Press Pearl නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරද කාගේ දැයි, සෙවීම තමාගේ කාර්යයක් නොවන බව නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
අද (27) මීගමු වෙරළ තීරයේ පවිත්‍රා කටයුතු නිරීක්ෂණය කිරීමට පැමිණ සිටි අවස්ථාවේ නිව්ස්ෆස්ට් මාධ්‍යවේදියා නැගූ පැනයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, එය ඊට අදාළ අමාත්‍යංශය විසින් සොයා බලනු ඇති බවයි.
නැව මෙරට මුහුදට පැමිණීමට පෙර ජාත්‍යන්තර වරායන් 2ක් එය ප්‍රතිකේෂප කර ඇති බවට වන වාර්තා සම්බන්ධයෙන් මෙරට බලධාරීන් දැනුවත්ව නොසිටියේ දැයි, මාධ්‍යවේදියා එහිදී විමසා සිටියේ ය.
ඊට රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, නිත්‍යනුකූල ගමනක් ගිය නැව ගැන සමාජ මාධ්‍යන්හි පළවන වාර්තා එකවර විශ්වාස කළ නොහැකි බවයි.
තව ද මේ අවස්ථාවේ වෙරළ ආරක්ෂා කර ගැනීම ගැන සිය අවධානය යොමු වී ඇති බව සහ ඉතිරි කටයුතු අනෙකුත් ආයතන විසින් සොයා බලනු ඇති බව ද ඔහු අවධාරණය කර සඳහන් කර සිටියේ ය.
”සොයා බැලීම අදාළ වෙන්නේ වරාය අධිකාරියට අපිට තියෙන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විදිහට වෙරළ ආරක්ෂා කර ගනන එක, ඒකට සම්බන්ධ අමාත්‍යංශය ඒ ගැන සොයා බලාවි’
ශ්‍රී ලංකා සමුද්‍රීය කලාපයට බලපෑමක් වන ආකාරයේ මෙවැනි සිදුවීම් කිහිපයක් මෑත කාලීනව සිදුවීම පිළිබඳව එහිදී රාජ්‍ය ආමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ආවේගශීලි ලෙස මාධ්‍යව්දියාට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
”හැම තිසේසෙම වරදක් හොයන්න උත්සාහ කරන්න එපා. මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට කියන්න වැදගත් ප්‍රවෘත්ති තියෙනවා. කියන්න මිනිස්සුන්ට ආරක්ෂා වෙන්න කියලා. කියන්න මිනිස්සුන්ට මේ වා අතපත ගාන්න එපා කියලා, අහිතකර බව කියන්න ජනතාවට වැදගත්වෙන්නේ ඒවා අපේ අරමුණ ජනතාව වෙුනවෙන් වෙරළ ආරක්ෂා කර ගැනීම.
ඒ සදහා විශාල වැඩපිළිවෙළක් සකස් කරලා තියෙන්නෙ, වරද හොයන එක මගේ කාර්ය නොවෙයි.. අදාළ අය හොයලා බලාවි
”නිව් ඩයමන්ඩ් නෞකාව ගිනිගත් අවස්ථාවේ නෞකාවෙන් ලංකාව වන්දිලබා ගැනීමට කටයුතු කළ ආකාරයට ම මෙහිදී ද නිසි ලෙස වගකිව යුත්තන්ගෙන් වන්දි ලබා ගැනීම සඳහා මීට දින 3කට පෙර සිටම සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය නීති කටයුතු ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
News 1st

