ගිනි ගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රැගෙන යමින් තිබූ බහාලුම් 1486 ක් තුළ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් අඩංගු කන්ටේනර් කීපයක් ද ඇතුළත්ව තිබුණ අතර මෙම රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් මෙම ගින්න ඇතිවූ බවයි එම සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා සඳහන් කර ඇත්තේ.
ගිණි ගැනීමේ අවදානම ලක් රජය දැන දැනම නැවට අවසර දුන්නාද….?
රසායනික ද්‍රව්‍ය කාන්දුවීමත් සමගම ගිණි ගැනීමකට ඇති අවදානම නිසාවෙන් නෞකාව භාර කපිතාන් විසින් ඉන්දියාවේ හසීරා හා කටාර්හි හමීඩ් වරායන් වෙත නෞකාව සේන්දු කර එහි බහාලුම් ඉවත් කිරීමට අවසර ඉල්ලුවද එරට බලධාරීන්ගේ අවසරය අහිමිවන විට නෞකාව ශ්‍රී ලංකාවට කිලෝමීටර් දහසකට පමණ ඈතින් අරාබි මුහුදේ යාත්‍රා කරමින් සිටි අතර එකී අවසර නොලැබීමත් සමග එවන් අධි අවධානම් තත්වයක පැවති නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන්නෝ කවුරුන් වෙත්ද?
දුර දිග නොබලා ගත් තීන්දුවෙන් සිදුවෙමින් පවතින හානිපූර්ණය කළ නොහැකි තරමේ දරුණු සාගර ඛේදවාචකයක සාහසික බව….!
අති බිහිසුනු ඛේදවාචකයක පෙරනිමිති දක්වමින් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් නිකුත් වූ රසායනික ද්‍රව්‍ය හා ප්ලාස්ටික් කැට නිසා මේ වන විටත් මත්ස්‍යයින් මිය යමින් වෙරළට ගොඩ ගසාගෙන එන බවට සාගර ජීවි පරීක්ෂණ වේදීන් වාර්තා කරයි…..
මක්නිසාදයත් නෞකාව ගිණි ගැනීමත් සමග එම බහාලුම්වල තිබූ අධි රසායනික ද්‍රව්‍ය හා ප්ලාස්ටික් නිෂ්පාදන අමුද්‍රව්‍ය හේතුවෙන් සමස්ත සාගරික පරිසරයත් මත්ස්‍යයන් ඇතුලු සාගර ජීවීන් දැඩි අන්තරායකට ලක් වෙමින් ඇත...
තව දින 2ක් පමණ ගතවන විට සිතා ගන්නට හෝ ගණනය කළ නොහැකි ආකාරයේ
විනාසයක් අපේ වෙරළ තීරයන්ට,සාගරට සම්පතට ඇතිවීමේ අති භයානක තත්වයකට වර්ධනය වීමට පුළුවන, එය කෙතරම්ද යන්න නම් වසර ගණනාවක් යනතුරුම මේ විනාසයේ බලපෑම අපේ පරිසර පද්ධතීන්ට දැඩි බලපෑම් ඇති කිරීමේ ඉඩ හසරක් නිර්මාණය වී ඇත.
නෞකාව තුළ ඇති ටොන් 350කට අධික ඉන්ධන නෞකාව මුහුදුබත් වීමත් සමග මුහුදට එකතු උවහොත් බටහිර මුහුදු තීරයේ සිට කිලෝමීටර් සිය ගණනක් මුහුදු තීරයේ වෙරළ කලාපයන්ට දැඩි හානි සිදුවීමේ බරපතල අවදානමක් ඇතිබව සාගර විද්‍යාඥයින් පුරෝකතනය කර ඇත.
තවද දුරදිග නොබලා ගත් අදූරදර්ශි තීන්දු තීරණ තුළින් අප සමස්ථ සාගර කළාපය,වෙරළ තීරය,ධීවර කර්මාන්තය මෙන්ම කලපු හා කඩොලාන ඇතුලු ජෛව පද්ධතීන් දැඩි පාරිසරික අර්බුදයක් කරා ගමන් කරමින් ඇත,,
ගින්නේ උෂ්ණත්වය 85%ක් යැයි කියමින් එම ගින්න සාර්ථකව පාලනය කරන බවට ජනතාව නොමඟ යැවූ දේශපාලන අධිකාරිය මේසා විශාල පාරිසරික හානියට වගකිවයුතු නොවේද?...
සුමුදු මද්දුමආරච්චි,
මිලානෝ,
ඉතාලිය.

