ඇස්ට්‍රාසෙනිකා එන්නත් පෞද්ගලික සමාගම්වලට නෑ : නිල දැනුම්දීමක් !

ඇස්ට්‍රාසෙනිකා එන්නත් පෞද්ගලික සමාගම්වලට නෑ : නිල දැනුම්දීමක් !
මාරාන්තික කොරෝනා වසංගතය පාලනය සඳහා වන එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට පෞද්ගලික අංශය කරන ඉල්ලීම් ඉටු කළ නොහැකි බව ලෝකයේ ප්‍රධානතම එන්නත් නිෂ්පාදන සමාගමක් වන  ඇස්ට්‍රා සෙනෙකා ආයතනයේ ආසියා කලාපයේ රාජ්‍ය කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂක ජැස්පර් මේන්ස් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ.
 
ඒ අනුව  රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වෙත ලිපියක් යොමු කරමින් අදාළ දැනුම්දීම සිදුකර ඇත.
 
 ඇස්ට්‍රා සෙනෙකා ආයතනය විසින් නිශ්පාදිත කොවිඩ් 19 එන්නත අලෙවි කිරීම සඳහා බොහෝ පෞද්ගලික වෙළදුන් සහ ආයතන ශ්‍රී ලංකා රජය වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බව තමන්ට දැනගන්නට ලැබී ඇති හෙයින් මෙම ලිපිය ඉදිරිපත් කරන බව ඔහු සදහන් කරයි.
 
 “අපි විසින් සහතික කරන්න කැමතියි, මෙම වසංගතය හැකි ඉක්මණින් අවසන් කිරීමට සහය වීම සඳහා, රජයන්ට සහ ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානවලට අපගේ එන්නත උපරිම වශයෙන් ලබා දීමටයි මේ මොහොතේ අපගේ අවධානය යොමු වී තිබෙන්නේ.”
 
එමනිසා දැනට පෞද්ගලික අංශය වෙත තමන්, මෙම එන්නත කිසිඳු අයුරකින් සැපයීමක්, විකිණීමක් හෝ බෙදා හැරීමක් සිදු නොකරන බව ඇස්ට්‍රා සෙනෙකා ආයතනයේ ආසියා කලාපයේ රාජ්‍ය කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂක ජැස්පර් මේන්ස් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වෙත දැනුම් දී තිබේ.
 
ව්‍යාජ එන්නත් වෙන්න පුළුවන් !
 
පුද්ගලික අංශය එම එන්නත ලබා දෙන බවට කරන ප්‍රචාර සම්බන්ධයෙන් සමාගම අනතුරු ඇඟවීමක්ද කරයි.
 
 “ඇස්ට්‍රා සෙනෙකා නොවන, කවර හෝ වෙනත් වෙළඳ ආයතනයක් විසින්, පෞද්ගලික එන්නත් ලබා දීමට ඉදිරිපත් වන්නේ නම්, එය බොහෝ දුරට ව්‍යාජ එන්නතක් විය හැකි බැවින්, එවැනි අවස්ථාවකදී එම එන්නත ප්‍රතික්ෂේප කර අදාළ බලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු” බව සිය ලිපිය මගින් ඔහු වැඩි දුරටත් අවධාරණය කර තිබේ.
 
 එම ලිපියේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ ලංකාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම සඳහා නම් කර ඇත්තේ කොවැක්ස් ව්‍යාපෘතිය (COVAX), යුනිසෙෆ් (UNICEF) සහ ඉන්දියාවේ සේරම් ආයතනය (SII) පමණක් බවයි.
 
අදාළ ලිපිය පහත දැක්වෙයි. 

WhatsApp Image 2021 05 27 at 14.21.30

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න