මොරටුවේ නගරාධිපති මිසිං : අත්අඩංගුවට ගන්න පොලිසිය සොයයි

මොරටුවේ නගරාධිපති මිසිං : අත්අඩංගුවට ගන්න පොලිසිය සොයයි

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය අද (28) උදැසන ඔහුගේ නිවාස වටලා ඇතත්නගරාධිපති නිවසේ නොසිටි බව  පොලිස් ආරංචි මාර්ග කියයි.

මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය වෛද්‍යවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මොරටුව නගරාධිපතිට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

අදාළ සිදුවීම ඊයේ (27) සිදුවූ අතර කෙසේ වුවත් වාර්තා වන්නේ ආණ්ඩුව කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල දේශපාලනීකරණය කර ඇති බවට එල්ලවන චෝදනාව තහවුරු වන ආකාරයට හැසිරුණු මොරටුව නගරාධිපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට සම්බන්ධ වෘත්ති සමිති, හිතවත් භික්ෂූන් මෙන්ම වෛද්‍ය සංගම් විසින් ජනාධිපතිවරයා වෙතින් දැඩි බලපෑමක් සිදුකර ඇති බවයි.

මොරටුව නගරාධිපතිව අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගොස් ඇත්තේ ඒ අනුවය.

මොහුට එරෙහි චෝදනාව වන්නේ රාජකාරියට බාධා කිරීමය.  ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරිය ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.  ජනාධිපතිවරයාගේ නියෝගයක් මත තමා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇතිබව වාර්තාවූ වහාම නිවසින් පැනගොස් ඇති නගරාධිපතිවරයා, අගමැති මහින්ද රාජපක්ෂ වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇතැයි වාර්තාවේ. 

එහිදී ඔහුට වහාම පොලිසියට බාරවන ලෙස අගමැතිවරයා උපදෙස් දී ඇතැයි ද පැවසේ. 

ඒ අනුව  අද පෙරවරු 9.00 ට නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට බාරවන බවට මොරටුව පුරපතිවරයා සහතිකවී තිබේ.  නමුත් මෙතෙක් ඔහුගේ බාරවීම සිදුව නැත.

පොලිස් අත්අඩංගුවට ගැනීමට නියමිත මොරටුව නගරාධිපතිවරයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වන අතර එහිදී නීතිඥ සංගම් සහ සෞඛ්‍ය වෘත්තීය සමිතියක් වෙනුවෙන් නීතිඥයන් ඉදිරිපත්වී ඇප ලබාදීමට විරුද්ධවීමේ සූදානමක් ඇති බවත් වාර්තා වෙයි. 

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු 'පොහොට්ටු' පක්ෂයේ පළාත් පාලන ආයතන සංවිධානයේ ප්‍රධානියෙකි.ඒ පදනමින් අදාළ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම වැළක්වීමට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන නමින් ඇමතුම් ලැබී ඇති බවත් වාර්තා වන අතර  එහිදී පොලිස් ප්‍රධානියා, ''මේකට අතගහන්න එපා, මේක ඉහලින් ආපු ඕඩර් එකක් කියා'' දුරකථනය විසඳි කර ඇති බවත් වාර්තා වෙයි.

"අපි ටෝකන් දීලා තියන අයට විතරයි අද ගහන්න ඕනේ..." එන්නත් කරන වැඩපිලිවලට මොරටුවේ නගරාධිපතිගෙන් බාධා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න