"එක මාත්‍රාවට එකඟයි" අත්සන් අරගෙන එන්නත් දීලා : මහනුවරට මාත්‍රා එකද ?

"එක මාත්‍රාවට එකඟයි" අත්සන් අරගෙන එන්නත් දීලා : මහනුවරට මාත්‍රා එකද ?

ස්පූට්නික් v එන්නතේ " එක් මාත්‍රාවක් පමණක් වුවත් ලබා ගැනීමට" එකඟතාව ලබාගනිමින් ඊයේ (30) මහනුවර කුණ්ඩසාලේ එන්නත්කරණ කටයුතු සිදුකර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධව මාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙතින් විමසා ඇති අතර එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ  තමන්ට ලැබි ඇති ආරංචි අනුව රුසියාවේ Sputnik-V එන්නතේ පළමු මාත්‍රාව කොවිඩ් – 19 සඳහා ප්‍රමාණවත්" යනුවෙනි.

එසේම අමාත්‍යවරයා දැක්වූ අදහස් සමාජ මාධ්‍ය වෙබ් අඩවි  තුළ මෙසේ වාර්තා කර තිබිණ.  “දෙවන මාත්‍රාව සම්බන්ධව මේ වනවිට සාකච්ඡා වෙමින් පවතිනවා. මේ දෙවන එක අවශ්‍යද කියන එකත් මේ වනවිට සාකච්ඡා වෙමින් යනවා.

මොකද මේ පළවෙනි එකෙන්ම ප්‍රතිශක්තිකරණය ඉතා ඉහළ මට්ටමක තිබෙන බවයි සඳහන් වෙන්නේ. මට තිබෙන ආරංචි අනුව පුට්නික් එක මාස 06ක් යනතුරු වලංගු භාවයක් තියෙනවා. මගේ ආරංචියේ හැටියට.” 

කෙහෙළිය රඹුක්වැල්ලගේ බොරු !

එහෙත් අමාත්‍යවරයා කරන ප්‍රකාශය සත්‍යයෙන් තොර වගකීම් විරහිත ප්‍රකාශයකි. එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වන්නේ ස්පූට්නික් ලයිට් නම් එන්නත වන අතර එය තවමත් පරීක්ෂණ මට්ටමේය.

ස්පූට්නික් v එන්නතෙහි මාත්‍රා දෙකම ගතයුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන්ම එන්නත නිපදවූ රුසියානු සමාගමද  සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න