බෙන්තර ස්පෙෂල් ! - නිරෝධායන නීතියට පයින් ගසා අවමඟුල් සංදර්ශනයක් !

බෙන්තර ස්පෙෂල් ! - නිරෝධායන නීතියට පයින් ගසා අවමඟුල් සංදර්ශනයක් !

බෙන්තර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු මියගිය සිය පියාගේ දේහය නිවාස තුළ තබාගෙන නිරෝධායන නීති මුළුමනින්ම නොසලා හරිමින්, සුපුරුදු අවමගුල් උත්සවයක් සංවිධානය කරමින් සිටින බව වාර්තාවේ.

මියගිය පුද්ගලයකුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුකුලව පැය 24ක් ඇතුලත දී සිදු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබිය දී, එය නොසලකා හරිමින් මෙසේ කටයුතු කරමින් සිටින්නේ බෙන්තර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන හෙලන් කුමාර නැමැත්තා බව ප්‍රාදේශීය වාර්තා කරුවන් පවසයි. 

මෙහිදී ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග බරපතල ගැටුමක් ඇතිකරගෙන ඇතිබව වාර්තාවේ. 

h g

බෙන්තර ප්‍රාදේශීය සභාවේ මෙම මන්ත්‍රීවරයාගේ පියා වන රූපරත්න නැමැත්තා මීට දින කිහිපයකට පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් බලපිටිය රෝහලට ඇතුලත්කර තිබේ.

ඒ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය අදාල මන්ත්‍රීවරයාට දැනුම් දී ඇත්තේ,  නිරෝධායන නීති වලට අනුකූලව ඔහුට පියා සමඟ රෝහල තුලට ඇතුලත්වීමට අවසර දිය නොහැකි බවයි එම අවස්ථාවේ බීමතින් සිටි මන්ත්‍රීවරයා ඔහුට මන්ත්‍රී වරප්‍රසාද තිබෙන බවට කාර්ය මණ්ඩලයට තර්ජනය කර රෝහල තුල විශාල කලබැගෑනියක් කර ඇතිබව රෝහල් ආරංචිමාර්ග පවසයි.

එම අවස්ථාවේ ඇතිවූ ගැටුමකදී රෝහල් සේවකයින් ඔහුට පහර දී තිබේ.

ඊයේ දිනයේ මන්ත්‍රීවරයාගේ පියා මිය ගොස් ඇති අතර පෙරවරු 10.00 ට පමණ දේහය මන්ත්‍රීවරයාගේ  නිවසට රැගෙන ගොස් ඇත.  

පැය 24 ක් ඇතුලත දේහය පිලිබඳ  අවසන් කටයුතු අවසන් කරන මෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් (පීඑච් අයි) මන්ත්‍රීවරයාට දැනුම් දී ඇතත් ඔහු එම නිලධාරීන්ට බැන තර්ජනය කර ඔහුට මන්ත්‍රී වරප්‍රසාද ඇති බවත් ඔහු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු බවත් පවසා අවමගුල් කටයුතු කරන්නේ හෙට දිනයේ බවට දැනුම් දී ඇත.

ආසනයේ සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහගේ  දේශපාලන හයිය පෙන්වමින් මෙම මන්ත්‍රීවරයා කටයුතු කිරීම නිසා මේ සම්බන්ධයෙන් නිත්‍යානුකුල ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිසිය අදිමදි කරන බව ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසයි.

මෙම මන්ත්‍රීවරයා මිට ඉහතදී අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලැබුවකු බවත්, නිරතුරුවම බිමත්ව සිටින පුද්ගලයෙකු බවත් එම වාර්තාකරුවන් වැඩිදුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න