කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලයට අයත් භූමියක් සංවර්ධනය කිරීමට කියමින් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ ගැසට් පත්‍රය යළි කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනූව අදාළ ස්ථානයේ රථගාලක් සහ සාප්පු - මහල් නිවාස ක්‍රමයක් ඇතුළත් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.
වාර්තා වන ආකාරයට ව්‍යාපෘතිය අවශ්‍ය නොවන බවට ආදි ශිෂ්‍ය කොටස්, සහ පාසැලෙන් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ දැනුම් දීමක් අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය අත්හිටුවා ඇත.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය , විකල්ප ධාරවේ මාධ්‍ය , විවිධ පාර්ශව විසින් විවේචන එල්ල කරනු ලැබුණු අතර එහි ප්‍රථිපලයක් අනුව ව්‍යාපෘතිය අත්හිටුවීමට හේතු වී තිබේ.
අදාළ භූමි කොටස මේ තියෙන අයුරින් තිබීමට වඩා සංවර්ධනය කිරීමට පවරා ගැනීම වැදගත් ය. නමුත් ගැසට් ගැහීමත් ගහන පරක්කුවෙන් රිවර්ස් කිරීමත් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ නාගරික සංවර්ධනයට අදාළ වැඩපිළිවෙළක් නොමැති කමය.

