කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා බහුතරයක සේවක සේවිකාවන් විසින් රාජපක්ෂ ආණ්ඩුව විසින් යෝජනා කර සිටි විශ්‍රාම වැටුපට එරෙහිව විරෝධතාවයන් පැවැත්වූයේ 2011 මැයි මස දීය.
2011 මැයි මස 30වන දින කටුනායක නිදහස් වෙළ කලාපය තුළ එම විරෝධතාවයන් දියත් වුනු අතර එයට පොලීසිය වෙඩි තබන ලද්දේ කිසිදු ආකාරයේ නීතිමය තත්ත්වයන් ද නොසලකා හරිමිනි.
එම වෙඩි තැබීමෙන් නිදහස් වෙළද කලාපයේ සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයක් තුවාළ වු අතර තවත් පිරිසක් ආබාධිත තත්ත්වයට පත් වෙමින්, ඉන් එක් අයෙක් මිය ගියේ ය. ඔහු රොශේන් චානකය.
රොශේන් චානක මිය ගියේ පොලීසිය තැබු වෙඩි පහරකින් වුවත් එවකට තිබූ රාජපක්ෂ ආණ්ඩුව රොශේන්ට යුක්තිය ඉටු කිරීම හිතා මතාම මග හැරියේය.
පසුව ඇතිවූ සිවිල් සහ වෘත්තීය සමිති වල විරෝධතාව හමුවේ, අදාළ සිද්ධියේ වගකීම බාරගනිමින් එවක පොලිස්පති මහින්ද බාලසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වුවද, පසුව ඔහුව විදෙස් රටක තානාපති වරයෙක් ලෙස උසස්කර,පත්කිරීමට දේශපාලන අධිකාරිය වග බලාගත්හ.
එමෙන්ම වෘත්තීය සමිති ඇතුලු සිවිල් සමාජය තුළින් නැගී ආ අඛණ්ඩ විරෝධතාවයන් හමුවේ රාජපක්ෂ ආණ්ඩුව විසින් එම ඝාතනය පිළිබඳ සෙවීම සඳහා මහානාම තිලකරත්න, හිටපු විනිසුරුවරයාගේ මූළිකත්වයෙන් කමිටුවක් පත් කිරීමට සිදු විය.
එම කිමිටුව සිය නිරීක්ෂණ, නිගමන ඇතුලත් වාර්තාව මීට වසර කිහිපයකට පෙර හිටපු ජනාධිපති රාජපක්ෂ වෙත භාර දුන්නද එය ප්‍රසිද්ධ කිරීම කෙසේ වෙතත් රොශේන්ගේ මටවත් එය බොහෝ කළක් යන තුරුම ලබා දුන්නේ නැත. මෙවැනි අමු අමුවේ මිනිස් ජීවිත බිලි ගත්තවුන් කවුරුන්ද යන්න , සත් සුදක් සේ මුළු මහත් සමාජයම දන්නා කරුණක් වුවද, අදටත් නීතියේ දෙවඟනටනම් ඒ ගැන වගේ වගක් නැත.
කෙසේ වෙතත් සොබාදම් මාතාවගේ නීතිය අනුව කාට කාටත් අවසාන මොහොතේදී හෝ මෙි සාපරාධී ක්‍රියාවන්ට උත්තර බැඳිය යුතු බව කව්රුත් මතක තබා ගත යුතුව ඇත. ️ =
ආදරණීය රොශේන් සොයුර,මුළු මහත් සමාජයක් යුක්තිය වෙනුවෙන් පෙළගස්වා , අයුක්තියේ උණ්ඩයට නුඹේ ජීවන පහන නිවී ගියද,ඔබේ නාමය "වීරත්වයෙන්" අදටත්, මතුවටත් "යුක්තිය - සාධාරණත්වය" අගයන සියළු දනන් මෙනෙහි කරණු ඇත.
ඔබට ස්වාමින් වහන්සේ තුළ සදා සැනසුම හිමිවේවා ! -
ශෙහාන් මාලක ගමගේ-
ෆේස්බුක් ගිණුමෙනි


