X-Press Pearl නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ආරම්භ වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ගලවාගැනීමේ කණ්ඩායමක් කොළඹ වරාය ආසන්නයේ සිට ගැඹුරු මුහුද දක්වා ඇඳගෙන යමින් තිබෙන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට ගිනිගැනීමෙන් දැඩි හානි සිදුවී තිබීම නිසා කොපමණ දුරක් ගෙන යා හැකි ද යන්න නිෂ්චිතව කිව නොහැකි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසීය.
නෞකාව තල්ලු කිරීම ආරම්භ කිරීමත් සමඟ මුහුදු ජලය පිරීම ආරම්භ වූ බවත් ඒ හේතුවෙන් නැවේ පසු පස කොටස තව දුරටත් පහළට තල්ලු වන තත්වයක් ඇති වූ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මුහුදු ජලය අඛණ්ඩව පිරුණ හොත් නෞකාව කොපමණ දුරක් ඇඳගෙන යෑමට හැකිවේද යන්න කිවනොහැකි බවත් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගෙන යන්නේද යන්න තීරණය සෙසු බලාධාරීන් ගත යුතු බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මේ අතර නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම සඳහා ගලවා ගැනීමේ සමාගමේ නියෝජිතයින්ට පහසුකම් සැලසීමට නාවික හමුදා විශේෂ කණ්ඩායමක් අද පෙරවරුවේ නෞකාවට ඇතුළු විය.

