මාරාන්තික කොරෝනා වසංගතය මෙරට දරුණු ආකාරයෙන් පැතිර යන පසුබිමේ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල වැඩවර්ජනයක් වෙත ඇද දමන අවධානම් සහගත තත්ත්වයක් මතුව තිබේ.
ඒ මේ මාරාන්තික වසංගතය හමුවේ රටේ ජනතාව ලක්ව ඇති තත්වයෙන් මුදවා ගැනීමට නිශ්චිත සැලැසුමක් මත, දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් අත්‍යාවශ්‍ය බවට වසංගත මර්දනයේ යෙදී සිටින සුව විරුවන් දිගින් දිගටම ඉල්ලා සිටියත් ඊට බලධාරීන් නිසි විසදුම් ලබා නොදී සිටින බව සඳහන් කරමිනි. එනිසා ඊට විරෝධය පාමින් වෘත්තිය අරගලයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව තීන්දු කර ඇති අතර ඊට ඉල්ලීම් 15 මුල්කරගෙන වෘත්තීය සමිති 20 ක් එක්ව තිබේ.
මෙම සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙන්නේ මේ වන විට මාස 15 කට අධික කාලයක් අඛණ්ඩව කොරෝනා වසංගත මර්දන කටයුතු වල නිරතව සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රැක ගැනීම හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.
කාලයක් තිස්සේ සිදුකළ මෙම අත්‍යවශ්‍ය ඉල්ලීම් සහ යෝජනා 15 ක් පසුගිය 27 වනදා සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව කටයුතු කර ඇති අතර ඔවුන් පවසන්නේ ඊට ජුනි 1 දිනට පෙර විසදුම් අපේක්ෂා කරන බවයි.
එසේම තවදුරටත් විසදුම් ප්‍රමාද වන්නේ නම් ජුනි 3 වන දින තෝරාගත් සෞඛ්‍ය ආයතන කිහිපයක සේවයෙන් බැහැරවීමේ සංකේතාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවට සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චිට අනතුරු අඟවා ඇත.
සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පෙන්වා දෙන්නේ සිය ඉල්ලීම් වලට විසදුම් ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් මේ මොහොත දක්වා අසමත් වී ඇති බවයි. ඒ අනුව යාපනය, මඩකලපුව, අනුරාධපුර, පේරාදෙනිය, කළුබෝවිල, කරාපිටිය, රත්නපුර යන ශික්ෂණ රෝහල් හා මහනුවර ජාතික රෝහල මෙන්ම ශ්‍රී ලංකා ජාතික රෝහලේ ජුනි 03 වැනිදා උදෑසන හතේ සිට දහවල් 12 දක්වා සේවයෙන් ඉවත් වීමටත් මුළු දිවයිනම ආවරණය වන පරිදි සියලු එදින රෝහල් ඉදිරිපිට දහවල් 1200 සිට 12.30 දක්වා නිහඩ විරෝධතාවයක් පැවැත්වීමටත් සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව තිරණය කර තිබේ.
ඒ අනුව යාපනය, මඩකලපුව, අනුරාධපුර, පේරාදෙනිය, කළුබෝවිල, කරාපිටිය, රත්නපුර යන ශික්ෂණ රෝහල් හා මහනුවර ජාතික රෝහල මෙන්ම ශ්‍රී ලංකා ජාතික රෝහලේ ජුනි 03 වැනිදා උදෑසන හතේ සිට දහවල් 12 දක්වා සේවයෙන් ඉවත් වීමටත් මුළු දිවයිනම ආවරණය වන පරිදි සියලු එදින රෝහල් ඉදිරිපිට දහවල් 1200 සිට 12.30 දක්වා නිහඩ විරෝධතාවයක් පැවැත්වීමටත් සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව තිරණය කර තිබේ.
