මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට මරණ තර්ජන !

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට මරණ තර්ජන !

වැඩිය කෑගැහුවොත් ජීවිතය බලාගෙනයි’ තර්ජනය කරමින් තමන් වහන්සේ වෙත ලිපියක් ලැබී ඇති බව නාරාහෙන්පිට අභයාරාමාධිපති  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කරති.=

උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේ අභයාරාමයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ය.

තමන් එම තර්ජනවලට බය ඇති පුද්ගලයෙක් නොවන බවද උන් වහන්සේ පැවසූහ.

පොදුජන පෙරමුණ ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් කැපී පෙනෙන වැඩ කොටසක් ඉටුකළ භික්ෂුවක් ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රසිද්ධය.

නමුත් උන්වහන්සේ මේ වන විට  ආණ්ඩුවේ වැඩපිළිවෙළ සමග එකඟවිය නොහැකි බව පවසමින් ආණ්ඩුව විවේචනය කරමින් සිටිති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න