රෝහල් 05කදී ඒකාබද්ධ සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක

රෝහල් 05කදී ඒකාබද්ධ සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක

දිවයිනේ රෝහල් 05 කදී ඒකාබද්ධ සෞඛ්‍ය සේවකයින් පැය 04 ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.

ඒ අනුව කොළඹ ජාතික රෝහල, මහනුවර රෝහල, පේරාදෙණිය, අනුරාධපුර ,කරාපිටිය, යාපනය, මඩකලපුව ,කලුබෝවිල සහ රත්නපුර රෝහල්වල පෙරවරු හතේ සිට දහවල් 12 දක්වා පැය පහක් සේවයෙන් බැහැර වී සිටීමෙි විරෝධතාවයක් පවත්වන බව එම සම්ගම් පවසයි.

තවද රටේ දුක් විඳින අහිංසක ජනතාව වෙනුවෙන් හරියට ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් දෙන්නැයි ඉල්ලමින් අද (03) දහවල් 12 සිට 12:30 දක්වා සේවයෙන් බැහැර වී සියලු රෝහල්වල නිහඬ උද්ඝෝෂණයක් කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය  පවසයි.

මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වී ඇත්තේ, ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න