Language Switcher

V2025

කරල පෙන්වනවා කියා බලය ගත් ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර් බන්දුල දැන් කියන කතා !

පසුගිය යහපාලන සමයේ නැති ආර්ථික ගැටලු ඇතිකරමින් රට පුරා වැඩවර්ජන සංවිධානය කරමින්,  

"රුපියල චප්ප චපිරි වෙලා බොක්ක දොට්ට පැනලා නම්බුපිටින් ගෙදර යන්න" වැනි ඉතා ගාම්භීර සටන් පාඨ කියමින් වේදිකාවේ කෙස් පැලෙන තර්ක ගෙනහැර දක්වමින් අපේ ආණ්ඩුවක් ආවම අපි කරලා පෙන්වනවා රටට සෞභාග්‍යය උදාකරනවා කියූ ආර්ථික ඔස්තාර් වරයෙක්වන බන්දුල ගුණවර්ධනලාගේ එදා පම්පෝරියට හාත්පසින් වෙනස් අඳෝනාවක්, බැරිකමක් දැන් දැන් හීන් කෙඳිරියක් සේ ඇසෙමින් පවතී.

කරන්න දෙයක් නැති උනාම ණයට ගන්න වෙනවා...නැත්නම් තියන දෙයක් විකුණන්න වෙනවා…..!              

ජනතා දුක් කම්කටොලු හෘදයාංගමව හඳුනන එකම බලවේගය ලෙසත්  මහනජතාවට සහන මලු පැකේජ දෙන්නට ආ බන්දුල ගුණවර්ධනලා අද පවසන්නේ ගෙදරක උනත් සල්ලි නැතිවෙනකොට ණයක් විය යුතු බවත් නොඑසේනම් තිබෙන වත්කමක් දේපොලක් විකුණා ඊට මුහුණදිය යුතු බවත්ය…..

ජනතාව සුකිත මුදිත කරමින් රටටම සෞභාග්‍යය උදාකරන්නටත්, ආර්ථිකය  කණපිට ගසමින් කරල පෙන්වන්නට ආ ඇමති බන්දුල ගුණවර්ධනලාගේ මුඛයෙන්ම මෙවැනි ප්‍රකාශ අසන්නට ලැබීමම වත්මන් ආණ්ඩුව කෙරේ විශ්වාසය තබමින් කතිරය භාවිතා කල සාතිශය බහුතරයේ දැඩි දෝෂාරෝපණයට,කළකිරීමට හා කණස්සල්ලට භාජනයවීම අරුමයක් නොවනු ඇත.          

ඇමති බන්දුලගේ ප්‍රකාශයෙන් සැඟවුන අර්බුදය එළියට…….!          

දැනටම වත්මන් ආණ්ඩුව තුළ හටගෙන ඇති සීතල යුද්ධය හා කල්ලිවාදය ක්‍රමයෙන් උග්‍රවන තත්වය තුළ ඇමති බන්දුල අද පාර්ලිමේන්තවේ කළ කතාවෙන් ඔහු මුහුණ පාමින්සිටින අර්බුදයේ ප්‍රභලත්වය ඔහුගේ බොඩි ලැන්වේජ් එකෙන් මනාව පිළිඹිබු විය.        

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරමින් සිටියේ "ජනාධිපති තුමා මිරිහානෙන් වත් අගමැති තුමා මුදල් ඇමති ලෙස මැදමුලනෙන් වත් මුදල් ගේන්නෙ නෑ"....

හවුලට එවෙලේ අවශ්‍යතාවට කරල පෙන්වන්නම් කියා පාරම් බෑවට සැබවින්ම අද මේ ප්‍රකාශය ඇමති බන්දුල විසින් සිදු කළේ පැහැදිලිවම විපක්ෂයට නොව ආණ්ඩු පක්ෂයේම මැති ඇඇමතිවරුන්ට, ප්‍රභල ගජමිතුරු ව්‍යාපාරිකයන්ට හා ආණ්ඩුවටමය….                     

මක්නිසාදයත් ආර්ථිකය  හසුරවන බූවල්ලන් පිරිසක් නිසාවෙන් හා ඔවුන් ගන්නා තීන්දු තීරණ වෙනුවෙන් ජනතා නියෝජිතයින් ලෙස ඔවුන් නොව, වැඩිවන බඩු මිළට පවා මුහුණ දෙමින් ජනතාව අතරට යා යුත්තේ ඇමති බන්දුලලා වීමද, අතොරක් නැතුව සියලු තීන්දු තීරණ සාදාරණීකරනය කිරීමත් ඒවාට මුහුණ දීම සිදු කළද, සියල්ලට බයිට් වන්නේ බන්දුලලා වීමේත් ආදීනවය, අද අරබුදයේ වේදනාත්මක වින්දිතයකු ලෙස පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලිය….. 

ජාතික ලැයිස්තුවෙන් පත්වූ ආර්තික ඔස්තාර්ලා මෙන්ම ආර්ථික ඝාතකයන් ලෙස හැඳින්වූවන් මෙන්ම කුප්‍රකට ගජමිතුරු ව්‍යාපාරිකයන් තවදුරටත් ආරක්ශා කිරීමට හා එම වගකීම් කරපින්නාගෙන ගියහොත් නුදුරේදීම ඉන්දියානුවන් දේශපාලකයන්ට සළකණ ආකාරය ඇමති බන්දුලට සිහිවී ඇතිබව නොඅනුමානය ….

රජයකට උනත් කළහැකිව තිබෙන ක්‍රමවේදය ?      

වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමති බන්දුල කියා සිටියේ නිවසක ආර්තික ගැලටු ඇතිවූ පසු ණය ගැනීම හෝ සන්තකයේ ඇති යමක් විකුණනවා සේම රජයටද ඇත්තේ එම විකල්ප දෙක පමණක් බවය.

පසුගිය දිනක දණිහටත් පහළින් ඇති ගංවතුර තත්වයක ඔරුවක නැගි අමාත්‍යවරයා ඇතුලු පිරිස, ගංවතුරේ ඔරු පදින වීඩියෝවක්ද සමාජ මාධ්‍ය හරහා සංසරණය වුන අතර එකී වීඩියෝ දර්ශන වලට අනුව එම ඔරුව පුද්ගලයකු විසින් තල්ලු කරගෙන එන අයුරු හා ඇමති බන්දුලට දණෙන් පහල වතුරක හෝ බැස එගෙඩ වීමට නොහැකි වීම පිළිබඳ දැවැන්ත සමාජ විරෝධයක් එල්ල වී තිබුණි.

කෙසේ නමුත් කතාව දෝලාවෙන් ගමන පයින් වී ඇති තත්වයක් තුළ වවත්මන් පාලනය හමුවේ ජනතාවට යහපත් ජීවන රටාවක් නොමැතිව අන්ත අසරණ තත්වයට පත්වී ඇති ආකාරය නිසා ජනතාව අතර දැඩි ඉච්ඡාභංගත්වයක්, විරෝධයයක් හා අසරණ බවක් නිරිමාණය වී ඇත.

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි

මිලානෝ.

ඉතාලිය ..