Language Switcher

Ad

Ad 01

V2025

රනිල්ගේ නම මැතිවරණ කොමිසමට !

එක්සත් ජාතික පක්ෂය සඳහා පසුගිය මහ මැතිවරණයෙන් ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ නම නිල වශයෙන් මැතිවරණ කොමිසම වෙත යොමුකර ඇත.

ඒ බව පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර විසින් තහවුරු කර සිටියි. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධ ගැසට් නිවේදනය 18 නිකුත්කරනු ඇත.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එළැඹෙන  පාර්ලිමේන්තු දිනයේ දිවුරුම් දෙනු ඇති බවයි.

මේ අතර මේ හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ ගේ පාර්ලිමේන්තු ආගමනය හමුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය  තුළ කිසියම් දේශපාලන තිගැස්සීමක්, ආතතියක් ඇතිකර තිබෙන බවක් පෙන්නුම් කරයි.