වයස අවුරුදු 55ට වැඩි, කොළඹ 01 සිට 15 දක්වා වූ ප්‍රදේශවල සිටින ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීමට තීරණය කර ඇති බව, යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනූව එම පිරිස් සඳහා ඊයේ ශ්‍රී ලංකාවට ලැබුණු ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 හෙට (07) සිට එන්නත්කරණ අරඹන බව යුද හමුදාපතිවරයා පැවසීය.
කොළඹ නගරසභා බල ප්‍රදේශය තුල ස්ථාන තුනක දී එන්නත්කරනය සිදුකිරීමට නියමිත අතර අදාළ පුද්ගලයින්ට එන්නත්කරණය සිදුකරන දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවුඩයකින් දැනුම්දීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
