පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ට පාර්ලිමේන්තු පැමිණීම සඳහා ඉල්ලා අස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩට රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් ලැබීමට නියමිත බව වාර්තා වෙයි.
එසේම පොදුජන පෙරමුණේ බිම්මට්ටමේ සංවිධාන කටයුතු මෙහෙයවීමට වැඩි බලතල ප්‍රමාණයක් ලබාදෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට බැසිල්වාදි පාර්ශව කැටගොඩගේ ඉල්ලා අස්වීම විශාල පරිත්‍යාගයක් ලෙස හුවාදක්වමින් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයක් ගෙනයනු ද නිරීක්ෂණය වෙයි.
වාර්තා වන ආකාරයට පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව තුළින් බැසිල් රාජපක්ෂ ගේ පැමිණීම වෙනුවෙන් කිහිපදෙනකු යෝජනා වුවත් අපේක්ෂිත ආකාරයට ඔවුන් කිසිවෙකු ඉල්ලා අස්වූයේ නැත.
ඒ ෆලීල් මර්ජාන්, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, මහාචාර්ය චරිත හේරත්, වෙති. පසුව ඉල්ලා අස්වීම සඳහා එකඟතාව පළකර ඇත්තේ රන්ජිත් බණ්ඩාර සහ ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරුන් දෙදෙනා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
