Language Switcher

Ad

Ad 01

V2025

30ට වැඩිද ? ඕනෑම තැනකින් එන්නත විදගන්න !

කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට ඕනෑම එන්නත්කරණ මධ්‍යස්ථානයකින් එන්නත ලබාදීමට රජය තීරණය කර ඇත.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් ද වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට පළමු මාත්‍රාව ලබාගත හැකි වේ.