මෙරට රෝහල් පද්ධතියට අවශ්‍යව ඇති ඔක්සිජන් සංචිත වෙනුවෙන් ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් 150ක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටි.
ඒ අනුව අදාළ ඔක්සිජන් තොග රැගත් යාත්‍රාවක් ඉන්දියාවේ විශාකාපට්නම් සහ චෙන්නායි සිට කොළඹ වරායට සේන්දු වි ඇතැයිද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දිය රජයෙන් කළ පෞද්ගලිකව කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පසුගිය මාසයේ මැද සිට ඉන්දීය රජය ර්‍ශී ලංකාවට හදිසි ඔක්සිජන් සැපයුම් ලබා දීම සිදු කර ඇත.
මෙහි පළමු පියවර යටතේ ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අගෝස්තු 25 වැනිදා දී ද්‍රව වෛද්‍ය ඔක්සින් ටොන් 100 ක් කොළඹ වරායට රැගෙන ආවේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
