කොළඹ,ගම්පහ,කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි අවුරුදු 20 සහ 29 අතර වයස් කාණ්ඩවල තරුණ පිරිස් සඳහා හෙට(06) සිට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
මේ වන විට එන්නත් ලබාදෙන ස්ථානයන්හීදිම හෙට දිනයේ මෙම වයස් කාණ්ඩ සඳහාද එන්නත් ලබා දීම සිදු කෙරෙන බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව කොළඹ පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් සදහා එන්නත්කරණය හෙට දිනයේදී දියත උයන, විහාරමහාදේවී උද්‍යානය, පනාගොඩ යුද හමුදා කදවුර හා වේරහැර හමුදා රෝහලේදී සිදු කරන බවද යුද හමුදාපති පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
