අරගලය අවසන් වනතෙක් විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදු කරන්නෑ - ජෝසප් ස්ටාලින්

අරගලය අවසන් වනතෙක් විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදු කරන්නෑ - ජෝසප් ස්ටාලින්

තම ඉල්ලීම් දිනාගැනීම සඳහා වන අරගලය අවසන් වනතෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදුනොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

"මේ වෙනකොට විභාග සඳහා අයදුම්පත් ඉදිරිපත් කරලා නෑ අපි. උසස් පෙළ විභාගයට හා ශිෂ්‍යත්ව විභාගයට අපි ඉදිරිපත් කරන්නෙත් නෑ මේ අරගලය ඉවර වෙනකල්. අපි දැක්කා අමාත්‍යවරයා කියනවා පොලීසි යන්නලු. මොකද්ද මේ කරන්නේ. සැප්තැම්බර් 15 වෙනකල් කල්දීලා තියෙන්නේ. ප්‍රශ්නය විසඳන්න තියෙන්නේ."

එසේ වුවද දරුවන් ගැන සිතා අදාළ කටයුතු නියමිත දිනට සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටියේය.

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සඳහා සිසුන්ගේ අයදුම්පත් සම්පූර්ණකර යැවීමේ අවසන් දිනය ලෙස සැප්තැම්බර් 15 වනදා ප්‍රකාශයට පත්කර ඇත.

වසර 24ක් පුරා නොවිසඳුනු ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් එම වෘත්තිය සංගම් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ අතර පසුව ඔවුන් සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙන්ද ඉවත්විනි.

මේ වනවිට මාස 02 ක කාලයක් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු අඩපණ වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න