කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, අද (16) අනුරාධපුර බන්ධනාගාරයට යාමට නියමිත බව ඬේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ඒ වාර්තාව අනුව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙසේ අනුරාධපුර බන්ධනාගාරයට යන්නේ එහි රඳවා සිටින ද්‍රවිඩ ජාතික සිරකරුවන් 11 දෙනෙකු, ක‍්‍රීඩා අමාත්‍යවරයා සමග සාකච්ඡාක් ඉල්ලා ඇති නිසාය.
හිටපු, බන්ධානගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධානාගරයේ සිටින ද්‍රවිඩ ජාතික සිරකරුවෙන් දෙදෙනෙකු දණගස්වා – හිසට පිස්තෝලය එල්ල කරමින් මරණ තර්ජනය කිරීමේ සිදුවීම මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා අවධානයට යොමුව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
