චීනයේ කක්කුස්සි සහ නාගරික අපද්‍රව්‍ය මධ්‍යම කඳුකරයට හලන්න හදන්නේ - රෝහිණී

චීනයේ කක්කුස්සි සහ නාගරික අපද්‍රව්‍ය  මධ්‍යම කඳුකරයට හලන්න හදන්නේ - රෝහිණී

කාබනික පොහොර යැයි කියමින් චීනයේ කක්කුසිලිවලවල් සහ නාගරික අපද්‍රව්‍ය වලින් රටේ හදවත වන් මධ්‍යම කඳුකරය දුෂණය කරන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

චීනයේ කක්කුස්සිවලවත්, නාගරික අපද්‍රව්‍යවලින් සකස් කළ කාබනික ලේබලය ගැසූ මෙ.ටො. 96,000 ක් රටට ගේන්වන්නට ආණ්ඩුව උත්සහ කරනවා. මෙයට ඩොලර් මිලියන 63.7 ක් වැය වෙනවා. ලංකාවේ පර්යේෂණගාර තුනක් මේ චීන කුණු කන්දල් තොගය පරීක්ෂා කරලා ඒවායේ බැක්ටීරියා තියෙන බව ත්, ගොවි බිම්පලට නොයෙදිය යුතු බවත් පවසනවා. නිරෝධායන නීතිවලට පිටින් ඇපල් ගොඩියක්, මිදි පොකුරක් ගෙනාවොත් ඒක ගුවන් තොටුපලෙන් එළියට දෙන්නේ නෑ. හැබැයි චීන කුණු ගේන්න බලපත්‍ර දෙනවා. කාබනික ලේබල් ගහලා, චීන රසායනාගාර සහතිකයක් හදලා රට පුරා විසුරුවන්ට හදනවා.

මහ කන්නය සඳහා මධ්‍යම, නැගෙනහිර පළාත් දෙකේ මුලික පොහොර අවශ්‍යතාවයට වඩා වැඩි වැඩි මුදලක් මේ චීන කුණු කන්දල්වලට වැය වෙනවා.

මහ කන්නය දැන් ආරම්භ වෙලා තියෙනවා. මිනිස්සුන්ට වී ටික විකුණගන්න විදිහක් නෑ. ගොවියාට වල් නාශක නැතිව කුඹුරු හාන්න විදිහක් නෑ. එළවළු, ගොයම් කෘමිනාශක නැතුව විනාශයි. පොහොර ටික නැතුව උඩරට ගොවියෝ කඳු කන්නයේ බිම කොටන්නේ නෑ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අද තක්කඩි ව්‍යාපාරිකයින් රැලකගේ ග්‍රහණයට අහුවෙලා ඉවරයි. අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ කරන්නේ දේශපාලන ගජමිතුරන් පිරිසකගේ ව්‍යාපාරික උවමනාවන්ටයි. අසූචි විකුණා මුදල් හොයන ගජ මිතුරු කණ්ඩායමේ උත්සාහය පරාජය කළ යුතුයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න