පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධූරය භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කල ඉල්ලීමක් අනුව මෙම පියවර ගෙන ඇත.
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ රවිනාථ ආර්යසිංහ පසුගියදා එම ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සදහා මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයාව මෙසේ පත් කෙරෙනු ඇත.
මහින්ද සමරසිංහ මහතා අස්වීම හේතුවෙන් කළුතර දිස්ත‍්‍රික් මනාප ප‍්‍රතිඵල අනුව ලලිත් වර්ණකුමාර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දිමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
