සරත් ලොකුගේ සාගර පෙළට : ජගත් කුමාර තනියම ගේම ඉල්ලයි !

සරත් ලොකුගේ සාගර පෙළට : ජගත් කුමාර තනියම ගේම ඉල්ලයි !

විනය පරීක්ෂණ මුලින්ම පැවැත්විය යුත්තේ තමන්ට නොව සරත් වීරසේකර ගාමිණී ලොකුගේ, සාගර කාරියවසම් යන අයට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

තමන් විනය පරීක්ෂණවලට බිය නැති බවද පැවසූ ඔහු වත්මන් ආණ්ඩුව ප්‍රශ්න රැසක් ඇති වූයේ මෙම මැති ඇමැතිවරුන් විසින් බවද පැවසීය.

ජගත් කුමාර මන්ත්‍රීවරයා මෙසේ අදහස් දක්වා සිටියේ අද (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.

විරෝධතා වල යෙදෙන මිනිසුන් ත්‍රස්තවාදීන් යයි කියමින් හරි දේ කියන මිනිස්සුන්ට විනය පරීක්ෂණ තබන්නැයි කියන සරත් වීරසේකර හිට්ලර් කෙනෙකු වීමට උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේය.

ගුරු උද්ඝෝෂණ මෙතරම් දුර පැමිණියේ සරත් වීරසේකරගේ කටයුතු නිසා බවද පැවසූ මන්ත්‍රීවරයා , දැන් කෑ ගසන සමහරුන් තමන්ගේ වැරදි හෙලිවෙතැයි බියෙන් පසුගිය යහපාලන සමයේ සැඟව සිටි බවද කියා සිටියේය.

පළාත් සභා සම්බන්ධයෙන් පක්ෂයේ මතයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළේ සරත් වීරසේකර බවත් මුලින්ම විනය පරීක්ෂණය කළ යුත්තේ පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම්ට බවත් ඔහු පැවසීය.

පපළාත් සභා පැවැත්වුවා නම් ජනප්‍රසාදයෙන් ජය ජය ගැනීමට තිබුණද දැන් එම මැතිවරණය ජයග්‍රහණය කිරීම ප්‍රශ්නයක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න