Language Switcher

V2025

බන්දුල දැඩි තීන්දුවක් අරගෙන : නැවත බඩුමිල ගැන කතා නෑ !

තමන් මින්පසු කිසිදිනක බඩුමිල හෝ උපරිම සිල්ලර මිල සම්බන්ධ කිසිදු නිල ප්‍රකාශයක් මාධ්‍යයට නොපැවසීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

එය තමන්ට අයත් කාර්යයක් නොවන බවත් එය පාරිභෝගික රාජ්‍ය අමාත්‍යවරයාට අයත් කාර්යයක් බවත් අමාත්‍යවරයා පවසයි.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කර සිටියේ පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන පසුගියදා ඇමති බන්දුල ගුණවර්ධන සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දීම සඳහා අද (23) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඇමති බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියේ තමන් මෙම සුදුළූණු වංචාවට සම්බන්ධ නැති බවත් එය තමන් දැනුවත්ව සිදනොවූ දෙයක් බවත්ය.

මේ සම්බන්ධ පුවතේ, Lanka truth වෙබ් අඩවිය වාර්තා කරන්නේ , පසුගියදා පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන සිදු කළ, ජාත්‍යන්තර පාරිභෝගික දිනය වෙනුවෙන් පවත්වන වැඩ සටහනකට අධිකාරියේ මුදල්වලින් ලක්ෂ හතරක් ලබා ගැනීමට අනුමැතිය ලබා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ, රජයේ මුදල් පාරිභෝගිකයන්ට සෙතක් වන වැඩකට මිස දේශපාලන ප්‍රචාර සඳහා නොයොදන ලෙස තමන් දැමූ සටහන හේතුවෙන් බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන් අමනාප වු බවට වන චෝදනාව සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැති බවය.