තවත් කොරෝනා මරණ 72ක් : සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක් !

තවත් කොරෝනා මරණ 72ක් : සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක් !

තවත් කොරෝනා මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊයේ (22) දිනට අදාළව තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (23) නිකුත්කර ඇත.

ඒ සමග මෙරට කොරෝනා මරණ ගණන 12448 දක්වා ඉහල යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 42 ක් පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 30, කාන්තාවන් ය.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ 12 ක් සිටින අතර, ඉතිරි ආසාදිතයින් 60 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

එකපාර විවෘත කරන්න එපා - සෞඛ්‍ය බලධාරීන්

මේ අතර පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට තීරණය කරන විට රට සම්පූර්ණයෙන් විවෘත නොකරන ලෙස සෞඛ්‍ය බලධාරීන් රජයට අවධාරණය කර සිටියි.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රට එකවර විවෘත කළ යුතු යැයි නිර්දේශ නොකරන බවයි.

රට සම්පුර්ණයෙන්ම විවෘත කිරීමට යන්නේ නම්, තත්වය වඩාත් නරක අතට හැරවිය හැකි සිදුරු තිබිය හැකිය යනුවෙන් එහිදී ඔහු අනතුරු ඇඟවීය.

“එබැවින්, කොවිඩ් රෝගීන් ඇතිවීමට හේතු විය හැකි අවදානම් සාධක තිබේ දැයි බැලීමට සෙමෙන් රට විවෘත කිරීම ඉතාමත් යෝග්‍ය සහ ඉහළින්ම නිර්දේශ කරන” බව වෛද්‍ය හේරත් පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න