ඉදිරියේදී කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඩොලර් සංචිත අඩුවෙලා නිසා ඉන්ධන ආනයනයේ අර්බුදයක් තියෙනවා. ඒ නිසා ඔක්තෝබර් මස 01 වන දා දක්වා පැනවු නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීම සිදුනොවනවාදැයි එහිදි මාධ්‍යෙව්දින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දක්වමින් ඔහු පවසා සිටියේ,
"ඉතාම පැහැදිලවම කිසිම ඉන්ධන හිඟයක් නෑ. ආනයනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය සතුව තිබෙනවා. ඒ නිසා ඉන්ධන හිඟයක් පිළිබඳ කිසිදු සැකයක් හෝ අනියත බියක් ලංකාවේ ජනතාව ඇති කරගත යුතු නෑ." යන්නයි.