ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ මගඩිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෘදුකාංග ඉංජිනේරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෘදුකාංග ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ දත්ත සිය නිවසේ සිට මකා දැමූබවට තොරතුරු අනාවරණය වූ නිසා බවත් සඳහන් වෙයි.
එම දත්ත පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේපාරිභෝගික සහයක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ඔහු මේ වන විට එම ආයතනයේ සේවයේ නිරතව නොසිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එම සැකකරු දිවුලපිටිය වල්පිට පදිංචිකරුවෙක් බවත් මෙම දත්ත මැකීයාම සම්බන්ධයෙන් පැමිණීල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් කරනු ලබන්නේ ජූලි 22 වෙනිදා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සදහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
