Language Switcher

V2025

ශ්‍රී ලංකා ඩයස්පෝරාවේ විරෝධතා රැල්ල ජිනීවාවලටත් !

ඉතාලියේ බොලොඤ්ඤො නගරයෙන් ආරම්භව ප්‍රංශයේ පැරීසිය හා අමෙරිකාවේ නිව් යෝර්ක් නගරය දක්වා ලැව් ගින්නක් සේ වර්ධනය වෙමින් පැතිර ගිය, විරෝධතා රැල්ල ඔක්තෝබර් මස 03වන ඉරිදා ජිනීවා සමුළුව ඉදිරිපිට පැවැත්මට මේ වනවිටත් කටයුතු සුදානම් කොට ඇත.

වාර්ථා වන අන්දමට මෙතෙක් සහභාගී නොවූ දැවැන්ත සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකික ජන සහභාගීත්වයක් ජිනීවා මානව හිමිකම් කාර්‍යාලය ඉදිරිපිට පැවැත්වෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයට එක් වීමට නියමිතව ඇත.

ජිනීවා දැවැන්ත උද්ඝෝෂණය සාර්ථකව අවසන් කළ පසු නොනැවතී ඉදිරියට ක්‍රියාත්මක වනබවට සංවිධායක කමිටුව කටයුතු සූදානම් කරමින් සිටී,

මක්නිසාදයත් පාස්කු ප්‍රහාරයේ මහමහමොළකරුවන් හෙළිකරගැනීම, වින්දිතයන්ට යුක්තිය ඉටුකරදීම ප්‍රධානව දැනට ආණ්ඩුවේ අත්තනෝමතික මර්දනකාරී ක්‍රියාපිලිවෙතට විරුද්ධව බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී…

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,

ඉතාලිය.