සහල් මිල පාලනය කළ නොහැකි වූයේ අනවශ්‍ය ගැසට් නිවේදන නිසා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
සහල් මිල හෝ වී මිල පාලනයට ගැසට් පළ කිරීමේ අවශ්‍යතාවක් නැතැයිද ඇමතිවරයා ප්‍රකාශ කරයි. සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්ක පහක සහල් මෝල් පහක් ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කරයි.
ඔහු ඒ බව සඳහන් කළේ භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යාශයේ දී පසුගිය 30 වනදා පැවති මාධ්‍ය හමුවකදීය.
වී මිල සහ සහල් මිල පාලනයට පළ කරන ලද ගැසට් නිවේදනවලින් වාසි අත් වූයේ අතරමැදියන්ට යැයිද ඇමති මහින්ද අමරවීර අවධාරණය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
