ඉන්ධන සඳහාත් අපමණ අගයක් : මිල ඉහළ දැමීමේ සංඥා නිකුත්වේ !

ඉන්ධන සඳහාත් අපමණ අගයක් : මිල ඉහළ දැමීමේ සංඥා නිකුත්වේ !

ඉතාම නුදුරු දිනක ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ආණ්ඩු හිතවාදී වෙබ් අඩවි වාර්තා කරයි.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජයසිංහ සඳහන් කල බව දක්වමින් එම පුවත් වාර්තාව පවසන්නේ තෙල් සංස්ථාව දැවැන්ත පාඩුවක් ලබමින් සිටි නිසා ඉන්ධන මිල ඉහල දැමිය යුතු ඇති බවයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් මෙම පාඩුව පියවා ගැනීමට ඉන්ධන මිල ඉහළ දැමීමට යුතු බව සභාපති පැවසූ බවත් එහි සඳහන් ය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අනුමැතිය ඉල්ලා ඇති බවද සභාපති පවසා ඇත .

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ද මහා භාණ්ඩාගාරය විසින් යම්කිසි සහනයක් ලබා දීමට කටයුතු නොකළහොත් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව සඳහන් කර ඇති බවත් එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න