Language Switcher

V2025

ඇමති චමල් ගොවියාගේ වගකීම ගොවියාට සිහිපත් කරදෙයි !

රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවියන්ගේ වගකීමක් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ සඳහන් කරයි.

රජය ගොවි ජනතාව සහ කර්මාන්තය සඳහා විශාල මුදලක් වියදම් කර ඇති නිසා රටට ආහාර සැපයීම ගොවියාගේ වගකීමක් වී ඇති බව ද ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහවැලි කේන්ද්‍රයේදී පැවැති උත්සව සභාවක් අමතමිනි.

ගොවීන්ගෙ විශ්වාසය දිනා ගැනීමට ඔවුන් දැනුවත් කළ යුතු බවද කී ඔහු අස්වැන්න අඩු වුවහොත් ඔවුන්ට සහනයක් ලබා දෙන බවට ගොවීන් තුළ විශ්වාසයක් ඇති කළ යුතු යැයිද සඳහන් කළේය.

ඇතැමුන්ගේ පෙළඹවීම් මත නොමග ගිය ගොවීන් පිරිසක් ද සිටින බවත් ඇතැමුන් වගා නොකරන බවට පවා ප්‍රකාශ සිදු කරන බවත් ඇමතිවරයා එහිදී තව දුරටත් කියා සිටියේය