විමල් ඇතුළු පක්ෂ 11 කණ්ඩායම 23 රැස්වෙන්නේ මොකටද ?

විමල් ඇතුළු පක්ෂ 11 කණ්ඩායම 23 රැස්වෙන්නේ මොකටද ?

යුගදනවි බලාගාරයේ කොටස් 40% ක් ඇමරිකානු සමාගමකට ලබාදීම සහ ඒ ආශ්‍රිත ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත කරතිබූ ඉල්ලීම ප්‍රතිකේෂ්පවීම සමග එම පක්ෂ බරපතළ අර්බුදයකට පත්ව ඇත.

කෙසේ වුවත් මේ වන විට එම කණ්ඩායම තීරණය කර ඇත්තේ එළැඹෙන 23 වනදා රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

මෙකී ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපති සමග සාකච්ඡාව ඉල්ලූ පක්ෂ 11 නායකයන්ට ජනාධිපතිගේ ප්‍රතිචාරය වී තිබුණේ , අදාළ කරුණ සම්බන්ධයෙන් වන සාකච්ඡාව අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යවරයා සමග සිදුකර ගන්නා ලෙසය.

එහෙත් මේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ජනාධිපති සමග සාකච්ඡාව ඉල්ලා සිටියේම අගමැති සහ මුදල් අමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ඡාව අසාර්ථක වූ නිසාය.

මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන් පවසන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු මේ පක්ෂ 11 කණ්ඩායම සතු බලය ආණ්ඩුව අභ්‍යන්තරයේ පළමුවත්, දෙවනුව සමාජය තුළත් අතාර්කික කරදැමීමේ උපක්‍රමයක් මේ තුළ තිබෙන බවයි.

තවදුරටත් මේ ඊනියා දේශප්‍රේමී කතා සාප්පු සමග ඉදිරි ගමනක් නැති බවට නිවැරදි තක්සේරුවක් රාජපක්ෂවරුන් සිදුකර ඇති බවත් ඔවුන් පවසයි.

එසේම සිය දේශපාලන පැවැත්ම පමණක් නොව දේශපාලන පෞරුෂය පවා ආරක්ෂා කරගන්නට නම් විමල් ප්‍රමුඛ මේ පක්ෂ 11පිරිසට ආණ්ඩුවෙන් ඉවත්ව යාම හැර වෙනත් විකල්පයක් ඇත්නම් ඒ බැසිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වීම බවත් ඔවුන් පවසයි.

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කිසිසේත් ආණ්ඩුවෙන් ඉවත් නොවන බැවින් දැන් ඇත්තේ පක්ෂ 11 කණ්ඩායම එළියට බැසීම බවත් විචාරකයන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න