දයාසිරිගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් : යන සූදානම පෙන්වයි !

දයාසිරිගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් : යන සූදානම පෙන්වයි !

බලය ලබාගත් පසු උන්මත්තකයො ලෙස උද්ද්ච්ඡ කමින් හැසිරෙන්නෙ නැතිව මිනිසුන්ගේ හඬට කන් දීමට ආණ්ඩුවකට හැකියාව තිබිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ගමේ ජීවත් වෙන කෙනෙක් විදිහට තමන් මේ පොහොර සම්බන්ධ තීන්දුව ලොකු අර්බුදයක් බවට පත්වෙන බව මුලසිටම පැවසූ බවත් ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ ඊයේ (16) නිකවැරටිය ගල්කන්ද ප්‍රදේශයේ බතික් කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

දැන් පිටරටින් ගෙනත් තියෙන්නෙත් ඇත්තටම රසායනික පොහොරක්. එක පුද්ගලයකු විතරයි කියන්නේ ඒවා රසායනික නෙමෙයි කියලා. මේ ගෙනත් තියෙන්නෙත් රසායනික පොහොරම තමයි. ඒකේ ටොන් එකක් ඩොලර් 400 ක් වෙලා තියෙනවා. ඒ වෙලාවෙ යූරියා ටොන් එකක් ගෙනාවේ ඩොලර් 225 ට.

ඒ වෙලාවේ යූරියා ටික ගෙනාවනම් අද මෙහෙම වෙන්නෙ නැහැ. ගොවීන්ගේත් අදහස වෙන්නේ සීයට පනහ බැගින් රසායනික පොහොර සහ කාබනික පොහොර යෙදීම කළොත් හොදයි කියලා. දැන් තව දවස් 15 ක් විතර වෙනකොට පොහොර නොලැබුණොත් ගොවි බිම් සෑහෙන ප්‍රමාණයක් අතහැර දමන තත්වයක් ඇතිවෙයි. අද ගොවීන් වී ටික ගෙවල්වල තියාගෙන ඉන්නවා විකුණන්නේ නැතිව.

ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් සධාරණ මිළක් නොලැබීම. අනික මේ පොහොර ප්‍රශ්නය නිසා මෙවර මහ කන්නයේ අස්වැන්න ගැන ඔවුන්ට විශ්වාසයක් නැහැ. ඒ නිසා තමන්ට කන්න හරි වී ටිකක් තියාගන්න ඕන කියන අරමුණින් වී විකුණන්නේ නැහැ.

ඒ හේතුවෙන් නැවත වෙළද පොලේ හාල් හිගයක් ඇතිවෙනවා. ඒකට විකල්පය වෙන්නේ හාල් පිටරටින් ගෙන්වන එක. මේක විශම චක්‍රයක් වගේ වෙලා තියෙන්නේ මේ පොහොර සම්බන්ධයෙන් ගත් වැරදි තීරණය නිසා.

ජනාධිපතිතුමාගේ කාබනික පොහොර තීන්දුව හොදයි . ප්‍රශ්නය තියෙන්නේ මේක අවුරුදු දහයකින් විතර කරන්න තිබුණ වැඩක්.

නමුත් මේ හදිස්සියේ කරන්න ගියාම ලොකු අර්බුදයක් එනවා. මම ගමේ ඉන්න කෙනෙක් විදිහට කියන්නේ මේ රසායනික පොහොර ටික ගෙනල්ලා දෙන්න කියලා තවමත් පරක්කු නැහැ. ලංකාවෙ මොන ප්‍රශ්න තිබුණත් අපි බත් ටිකක් උයාගෙන පොල් සම්බෝලයක් හදාගෙන හරි කපු රටක්. දැන් අද ඒකත් නැති වුණාම හාමතේ බඩගින්නේ මැරෙන්න වෙයිද කියන බය මිනිස්සුන්ට තියෙනවා.

අද ලෝකයේ තෙල් මිළ වැඩිවෙලා නිසා අපේ රටෙත් තෙල් මිළ වැඩිවෙන්න පුලුවන්. ගෑස් මිළ වැඩිවෙලා. කිරිපිටි මිළ වැඩිවෙලා.ඒවා ඔක්කොම කොවිඩ් වසංගතය නිසා ලෝකයේ ඇතිවුණ ප්‍රශ්න. නමුත් මේ පොහොර ප්‍රශ්නය අපිම ඇතිකරගත් ප්‍රශ්නයක් එයින් මිදුනොත් අපට අනිත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය කාලයක සිට ආණ්ඩුවේ ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කරමින් පසුවන බවත් ඒ හරහා පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුවේ ඉන්න සූදානමක් නොව ඉක්මනින් ආණ්ඩුවෙන් එළියට බහින්න සූදානමක් බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න