Language Switcher

Ad

Ad 01

V2025

මහින්දගේ විධාන තොතකයි : දිලුම්ගෙන් ශ්‍රීලනිපට ප්‍රහාරයක් !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගියදා පැවති පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අවස්ථාවේ සෙසු පක්ෂ සහ පොදුජන පෙරමුණ අතර සංහිඳියාවක් යෝජනා කෙරුණත් ඒ නොතකා එම පාර්ශ්වයේ මැති ඇමතිවරුන් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි.

ඒ අනුව යමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රහාරයක් එල්ල කිරීමට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කටයුතු කර ඇත.

ඒ ශ්‍රීලනිප යටින් පහර දීමේ න්‍යාය හා දෙබිඩි පිළිවෙත රජයේ සාමූහිකභාවය තර්ජනයක් බව පවසමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැකි සෑම අවස්ථා දීම රජයට පහර දෙන බව දැකිය හැකි බව ද ඔහු කියා සිටියි.

ඔහු මේ බව සඳහන් කළේ කටුගස්තොට ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකින් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

යටින් පහරදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලසිටම කරන දෙයක් බවත් එම තත්ත්වය ඉදිරියට ද බලාපොරොත්තු වන බවත් එහිදී ඇමැතිවරයා පැවැසීය.