ආගමික අන්තවාදයට උදව්කරණ ජාවාරම්කාරයින්ට ඉන්දියාවෙන් සහ කෙන්යාවෙන් බාල තේ ආනයනය කර ශ්‍රී ලංකා තේවලට මිශ්‍ර කර ප්‍රතිඅපනයනය කිරීමට ඉඩ දීම නිසා අමු තේ දළු මිල සීඝ්‍රයෙන් පහත වැටෙන බව කුඩා තේ වතු හිමියෝ පවසති.
ඔවුන් නියෝජනය කරමින් අදහස් දැක්වූ වසන්ත අල්විස් මහතා පවසා සිටියේ මේ ආණ්ඩුව බලයට පත්වන විට රුපියල් 120ට තිබූ අමු තේ දළු කිලෝවක මිළ රුපියල් 88 දක්වා පහත වැටී ඇති බැවින් කුඩා තේවතු හිමියන් බරපතල ආර්ථික අර්බූදයකට පත් වී ඇති බවයි.
පසුගිය දිනවල රජය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ පිට රටින් බාල තේ ආනයනය කර ශ්‍රී ලංකාවේ තේ 30%ක් මිශ්‍ර කර ප්‍රතිඅපනයනය කිරීමට ඉඩ දෙන බවයි. ඒ මගින් ජාවාරම්කරුවන්ගෙන් ඇමතිවරුන්ට කොමිස් ලැබෙන නමුත් ශ්‍රී ලංකා තේ නාමය විනාශ වන බවට රජයට බරපතල චෝදනා එල්ලවේ.
lanka lead
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
