නියම වෙලාවට එළියට බහින තීන්දුව ගන්නවා - දුමින්ද දිසානායක

නියම වෙලාවට එළියට බහින තීන්දුව ගන්නවා - දුමින්ද දිසානායක

සිදුවන මදිපුංචිකම් හමුවේ ඇමති වරප්‍රසාද භුක්ති විඳිමින් තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද යන තීන්දුව පක්ෂය නිසි වෙිලාවේදී ගනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

ඇමතිකම් දැරුවද වංචාව හා දූෂණය හමුවේ නිහඬව සිටීමට තම පක්ෂය සූදානම් නැතැයිද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් රැස්වීමක් අමතමින් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මේ අදහස් දැක්වූ අතර දැනටමත් පළාත් පාලන ආයතන නියෝජනය කරන තම පක්ෂයේ නියෝජිතයන්ට ආණ්ඩු පක්ෂයෙන් නිසි පිළිගැනීමක් නොලැබෙන බවද පැවසීය.

මේ හේතුවෙන් ඉදිරි මැතිවරණ වලට තනිව තරග කළයුතු බවට වන යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ගැඹුරින් සාකච්ඡා ⁣වෙමින් තිබෙන බවද ඔහු සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව පිහිටුවීමට තම පක්ෂය ලබාදුන් සහයෝගය ආණ්ඩුවේ ප්‍රභලයන්ට අද අමතකව යෑම කණගාටුවට කරැණක් බවත් ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න