ඉන්ධන අර්බුදය ලේසි නෑ : වාහනේ තනිව යන්න බැරි වෙයි ?

ඉන්ධන අර්බුදය ලේසි නෑ : වාහනේ තනිව යන්න බැරි වෙයි ?

මෙරට මහා මාර්ගයන්හි ගමන් ගන්නා වාහන වල අනිවාර්යෙන්ම තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු සිටිය යුතු බවට නීතියක් ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

එක් වාහනයක තනි පුද්ගලයා බැගින් ගමන් කිරීමේදි විශාල ඉන්ධන ප්‍රමාණයක් එම වාහනවලට වියදම් කිරීමට සිදුවන බවද ඔහු පැවසීය.

වසරකට මෙරටට ඉන්ධන ගෙන්වීමට ඩොලර් බිලියන 7 ක මුදලක් වැය කරන බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එනිසා අත්‍යවශ්‍ය කාරණා වලට පමණක් වාහන භාවිතා කර සියලු දෙනාම අරපිරිමැස්මෙන් ඉන්ධන භාවිතයට හුරුවිය යුතු බවද පැවසීය.

තම වාහනය පාරට දැමීමට පෙර දෙවතාවක් කල්පනා කර බලන්න ඇයි ද රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මසකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක් පමණ සොයා ගැනීම සඳහා ලෝ වටා රටවල්වලට ණය වෙමින් සිටින බවත් ඔහු කීය.

දැනටමත් ශ්‍රී ලංකාව භයානක තත්වයකට පැමිණ ඇති බවත් ඉදිරි අනාගතයේ දී මීටත් වඩා දරුණු තැනකට පත් වුණු ඇතැයිද පැවසූ අමාත්‍යවරයා සියලු දෙනා තම නිවසේ පෝච්චියක හෝ කෑමට යමක් සිටුවා ගැනීමට වඩා සුදුසු බවද කියා සිටියේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න