Language Switcher

V2025

කොරෝනා මරණ සංඛ්‍යාව 14,158 දක්වා ඉහළට : අද මරණ 31යි

මෙරටින් තවත් කොරෝනා මරණ 31 ක් වාර්තා වී තිබේ.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14, 158 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 21 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 10 දෙනා කාන්තා ආසාදිතයින් ය.

වයස අවුරුදු 30 ට අඩු එක් පිරිමි ආසාදිතයෙකු ද මියගිය පිරිස අතර වේ.

මියගිය අනෙක් පිරිස අතර වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 07 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 23 දෙනා වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (22) වාර්තා කරන ලද මෙම මරණ 31 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි