ග්ලයිෆොසේට් තහනම ඉවත්කරපු නිසා : පලිබෝධනාශක රෙජිස්ටාර් ගෙදර !

ග්ලයිෆොසේට් තහනම ඉවත්කරපු නිසා : පලිබෝධනාශක රෙජිස්ටාර් ගෙදර !

රජය තීරණයක් ගෙන නොතිබියදී ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා එම තනතුරෙන් වහාම ඉවත් කිරීමට උපදෙස්දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාරවරයා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ පුද්ගලයා ඊයේ (22) දිනයේම එම තනතුරෙන් ඉවත් කිරීමට තමා උපදෙස් දුන් බව පැවසූ ඇමැතිවරයා ග්ලයිෆොසේට් තහනම යළි පැනවීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද පැවසීය.

රසායන සමාගමකට අවශ්‍ය පරිදි පළිබෝධනාශක ගෙන්වීමට මෙයට පෙර කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ පුද්ගලයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් පළිබෝධනාශක ගෙන්වීමේදීද මේ පුද්ගලයා එක්තරා සමාගමකට පක්ෂපාතව කටයුතු කර ඇති බවත් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කීවේය.

රසායන පොහොර සමාගම් සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් පසුගිය කාලයේදී කටයුතු කර ඇති බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න