ලංකා පොලිසියට මානව හිමිකම් ප්‍රශ්න : ස්කොට්ලන්ත පුහුණුව ගැලවෙයි !

ලංකා පොලිසියට මානව හිමිකම් ප්‍රශ්න : ස්කොට්ලන්ත පුහුණුව ගැලවෙයි !

මානව හිමිකම් පිලිබඳ ගැටළු නිසා ශ්‍රී ලංකාවේ පොලිසියට දෙන පුහුණුව තව දුරටත් පවත්වාගෙන නොයාමට ස්කොට්ලන්ත පොලිසිය තීන්දු කර ඇත.

ඒ බව ස්කොට්ලන්ත පොලිස් ප්‍රධානියා ඊයේ ස්කොට්ලන්ත පොලිස් අධිකාරියේ ඉහළ බලධාරීන්ගේ මාර්ගගත සමුළුවට දැනුම් දුන්නේය.

“ශ්‍රී ලංකාවේ පුහුණු කිරීම් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව අපි කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයට උපදෙස් දී ඇත්තෙමු,” යි ස්කොට්ලන්තයේ පොලිස් ප්‍රධානී ඉයේන් ලිවින්ග්ස්ටන් ප්‍රකාශ කළේය.

2007 පමණ සිට ශ්‍රී ලංකාවට දෙන පොලිස් පුහුණුව නැවත අලුත් කිරීම සඳහා නියමිතව ඇත්තේ 2022 මාර්තුවේය. ඒ සඳහා පුනරීක්ෂණය භාරව ඇත්තේ බ්‍රිතාන්‍යයි.

එම කාල සීමාව තුල ස්කොට්ලන්ත පොලිසියේ කිසිවකුටත් ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවත් පොලිස් ප්‍රධානී ලිවින්ග්ස්ටන් වැඩිදුරටත් කියා සිටියේය.

ලිංගික හිංසන ඇතුළු වධබන්ධන පැමිණවීම පිලිබඳව චෝදනා ලබන ශ්‍රී ලංකාවේ පොලිසියට දෙනු ලබන පුහුණුව නවත්වන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම බලපෑම් කර තිබුණි.

lead news

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න