Language Switcher

Ad

Ad 01

V2025

ශ්‍රීලනිපය හමුවේ පොහොට්ටුව පරදියි : ජන්ද ප්‍රතිඵලයක් මෙන්න !

බණ්ඩාරගම මිල්ලනිය සමුපකාර සමිතිය සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් ජයග්‍රහණය කර ඇත.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති සහ උප සභාපති ධුරයන්ද ඇතුළුව අධ්‍යක්ෂ ධුර 04ක් ජයග්‍රහණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයන් ජයගෙන ඇත්තේ අධ්‍යක්ෂ දුර තුනක් පමණි.

දේශපාලන විචාරකයන් පවසන්නේ සමූපකාර ජන්ද බිම්මට්ටම දේශපාලන හැසිරීම යම් ප්‍රමාණයකට පෙන්නුම් කරන්නක් වන බවයි.

ඒ අනුව පොදුජනතාව අතර ඇති ආණ්ඩුව සම්බන්ධයෙන් අවිශ්වාසය සහ අප්‍රසාදය පෙන්නුම් කෙරෙන බවත් ඉදිරි නිලවරණ ගැන අවධානයෙන් සිටීමෙන් ඉදිරි තත්ත්වය විශ්ලේෂණය කළ හැකි බවත් විචාරක මතය වී ඇත.

මීට සමාන තත්ත්වයක් පොදුජන පෙරමුණ බිහිකළ පසුව යහපාලන ආණ්ඩුව සමයේදී ද දකින්නට ලැබුණු බවත් විචාරකයන් සිහිපත් කරයි.